අපරාධ කල්ලි සාමාජික ආමි සුරංග අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 28, 2022 03:35 AM GMT
Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන වේදිකාවකට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුලු අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවියක් ද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වූ බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග ද සිටියි.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී කළ වැටලීමකදී ඊයේ (27) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවිය සමග අත්අඩංගුවට ගනු ලැබුවා.