වැඩිමල් දරුවාට ආදරය කළ 22හැවිරිදි මව, නව මස් බිළිදාට වස දී ඝාතනය කළ අහස පොළොව නුහුලන අපරාධය..
සැමියා රැකියාවක් සොයා ගැනීමට ගිය මොහොතේ දී බිරිඳ තම නම මස් බිළිදාට විෂ ද්‍රව්‍යක් පොවා මරා දමා නිවසින් පැන යාමේ පුවතක් මාලිම්බඩ පොලීසියෙන් වාර්තා වේ.
එසේ මියගොස්ව ඇත්තේ තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේනේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ පසිදු ප්‍රභාත් නැමැති බිලිදෙක් වන අතර බිළිදා හා අවුරුදු තුනක් වයසැති දරුවා නිවස තුළ අඩන ශබ්දය අසල්වැසි නිවසේ පදිංචි ලොකු අම්මාට ඇසී පැමිණ බලන විට මෙම අපරාධය පිළිබඳව තොරතුරු හෙලි වී ඇත.
ඒ වන විටත් කෙදිරිගාමින් සිටි නව මස් බිලිදාව ඉක්මණින් ත්‍රීරෝද රථයක් ගෙන්වා අකුරැස්ස රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර රෝහල් ගත කරන විටත් එම බිලිදා මිය ගොස්ව සිටි බව වෛද්‍යවරු තහවුරු කළහ.
ඇය විසින් ලියා තබන ලද ලිපියක සඳහන්ව ඇත්තේ වැඩිමල් දරුවාට තමා ආදරය කරන බවත් මේ කළ දෙයට සමාවක් නොදෙන ලෙසත්ය. 22 හැවිරිදි සැකකාර මව සැක පිට අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |