කල්ලි දෙකක් එකතු වී මහමඟ කළ අමුතු සෙල්ලම..
Sri Lanka Police
Sri Lanka
By krishani
මහ මඟ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කර එම යතුරුපැදි කොටස් කර විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් කණ්ඩායම් දෙකක සමාජිකයින් බවත් එහිදී එක් කල්ලියක සාමාජිකයන් සිව්දෙනෙකු සහ තවත් කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු බොරලැස්ගමුව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදි හතක් පොලිස් භාරයට ගෙන තිබේ.
බොරලැස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ ආයතනයක් ඉදිරිපිට නවතා තිබූ සිවිල් ඉංජිනේරුවෙකුට අයත් යතුරුපැදියක් සොරා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |