ලක්ෂ 15ක මුදල් හා මෝටර් රථයක් කොල්ල කා සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 06, 2022 07:08 AM GMT
Report

රුපියල් ලක්ෂ 15ක මුදලක් සහ මෝටර් රථයක් කොල්ලකෑමේ සිද්ධියකට සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පසුගිය 29 වනදා මීරිගම නගරයේ දී පුද්ගලයෙකුට පහර දී ඔහු සතුව තිබූ රුපියල් ලක්ෂ 15ක මුදලක් සහ මෝටර් රථය කොල්ලකා පළාගොස් තිබූ බවට පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීරිගම සහ කල්එළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.පැහැර ගන්නා ලද මෝටර් රථය පොලිසිය විසින් සොයාගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join