අවියක් විකුණන මුවාවෙන් සල්ලි ගැරූ අමුතු කල්ලිය..
අවියක් විකුණන මුවාවෙන් ගනුදෙනුකරුවන් ගෙන්වා ඔවුන් සන්තකයේ ඇති මුදල් කොල්ලකෑමට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධකරුවන් සිවු දෙනෙකු විශේෂකාර්ය බලකායේ නිලධාරීන් විසින් වෙන්නප්පුව, අංක 751, ජයවීදිය මාවත ප්‍රදේශයේ කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
එහි දී ඔවුන් රුපියල් 250,000 ක මුදලකට පිස්තෝල අවියක් අලෙවි කිරීමට සූදානම්ව ඇත.
ලද තොරතුරකට අනුව සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් උපාය දූතයෙකු යොදවා එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 800 ක්, ජංගම දුරකථනයක් සහ ඔහු පැමිණි යතුරු පැදියක් අදාල නිලධාරීන් භාරයට ගෙන ඇති අතර මොහු වයස අවුරුදු 40 ක වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ය.
වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී පිස්තෝල අවියක් විකුණන මුවාවෙන් ගනුදෙනුකරුවන් ගෙන්වාගෙන ඔවුන් සන්තකයේ ඇති මුදල් කොලල්කෑම සදහා සැලසුම් කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙයට තවත් පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇති අතර පසුව එම තිදෙනා වෙන්නප්පුව, ඊෆුම් පීටර් මාවතේ තුම්මන් හංදිය අසල දී හෙරොයින් ග්‍රෑම් 37, මිලි ග්‍රෑම් 990 ක් ජංගම දුරකථන දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් අවුරුදු 44, 45 වයසේ පසුවන වෙන්නප්පුව, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.
දීර්ඝ කාලයක පටන් මෙම සිවිදෙනා එක්ව මෙලෙස මුදල් මංකොල්ලකෑම් සිදුකර ඇත.සැකකරුවන් සිව්දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාර දි ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |