මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන් කතුන් දෙදෙනෙක් ඇතුළු සිව්දෙනෙකුට සිදු වූ දේ..

Sri Lanka Police STF
By krishani Sep 18, 2022 05:04 AM GMT
Report

මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ගෝනහේන විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21 මි.ග්‍රෑ. 121 ක් සමග විදේශීය රටක නිපද වූ NORINCO වර්ගයේ පිස්තොල අවියක් සහ එයට යොදන පතුරම් ගැබක්, 09 mm වර්ගයේ ජීව උණ්ඩ 04 ක්, ජංගම දුරකතන 03 ක් සහ ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පසුගිය 14 වැනිදින කැලණිය - පට්ටිය හන්දිය ගුරුකුල විද්‍යාලය අසල සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනය සඳහා ආධාර අනුබල දී ඇති බවත් හෙළි වී ඇත.

සැකකරුවන් අතර සිටින පිරිමි සැකකරුවන් දෙදෙනා වැල්ලම්පිටිය හා මෝදර උයන - කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කාන්තාවන් දෙදෙනා ද වයස අවුරුදු 34 හා 37 යන වියෙහි පසුවන්නන් වන අතර ඔවුන් ද මෝදර උයන පදිංචිකාරිනියන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විමර්ශන සිදු කරයි.