ෆේස්බුක් සාදයක් වටලයි - එහි වූ දේ.
බියගම - බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ෆේස්බුක් මගින් සංවිධානය කළ මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වන ලද සාදයක් පොලිසිය විසින් වටලා ඇත.
ඒ පොලිසියට ලැබුණු තොරතුරක් මත ය. එහිදී එක් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් 31 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් 07 දෙනෙකු සන්තකයේ තිබී ගංජා තබාගෙන සිටි පිරිසක් ද, මත් කරල් තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු ද, අයිස් මත්ද්‍රව්‍ය සමග එක් අයෙකු ද, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 14 දෙනෙකු ද, මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු හා සැකකාරියක් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (13) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |