හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට..

By krishani Oct 10, 2022 05:23 AM GMT
Report

නැගෙනහිර පළාත් සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී ජෙගදීෂ්වරන් ජනාතනන් අද (10) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලය - උප්පුවේලි - සෙල්වනායගපුරම් ප්‍රදේශයේ දී ඔහු ගමන් ගත් මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් නිසා ය.

එම අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති අතර  මොහු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කරයි.

මෙම අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා මේ වනවිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join