කෝටි දහසකට අධික හෙරොයින් තොගයක් ඉරාන යාත්‍රාවකින් කොටු වෙයි..

Sri Lanka
By krishani Oct 09, 2022 02:15 AM GMT
Report

ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාවකට ලබා දීමට බව කියන රුපියල් කෝටි 1,200කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් රැගෙන පැමිණි ඉරාන ධීවර යාත්‍රාවක් ඉන්දීය නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමක දී භාරයට ගෙන ඇත.

එහි ගමන්ගත් ඉරාන ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරොයින් සමඟ යාත්‍රාව කේරළයේ – කොචි වෙත රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනන්‍ය වූ සලකුණු සහ ඇසුරුම් සහිත පැකට් 200 ක් තුළ මෙම මත්ද්‍රව්‍ය ගබඩා කර තිබී ඇත.

අත්අඩංගුවට පත් වූ පිරිස මුහුදට පැන පලා යාමට සහ තොගය විසි කිරීමට ද උත්සාහ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

JOIN