අවුරුදු 04ක දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගිහින් - සංවේදී පුවතක්..
Sri Lanka Police
Sri Lanka
By krishani
ආණමඩුව දිවුල්වැව ප්‍රදේශයේ නිවසකින් අතුරුදන් වූ දරුවෙකු පොහොර උරයක දමා ගැට ගසා ලඳු කැලෑවක දමා ගොස් තිබියදී සොයාගෙන තිබේ.
ඊයේ පස්වරුවේ තනිව නිවසින් පිටතට ගිය දරුවෙකු මෙලෙස රැගෙන ගොස් අත්පා ගැට ගසා පොහොර උරයක දමා ගැට ගසා තිබියදී සොයාගෙන ඇති අතර එම දරුවා වයස අවුරුදු 04ක් වේ.
සොයාගැනීමෙන් පසු කම්පනයට පත්ව සිටි දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවා සිටි පොහොර උරය හමු වී ඇත්තේ දරුවාගේ නිවසේ සිට මීටර් 150ක් පමණ දුරින් ඇති ලඳු කැලෑවක තිබියදීය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දරුවා පැහැරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආණමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.