විෂ රසායනික ද්‍රව්‍ය සමඟ සහල් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 04, 2022 04:02 AM GMT
Report

වව්නියාව - ඉරට්ටපෙරියම්කුලම් ප්‍රදේශයේ දී විෂ රසායනික ද්‍රව්‍ය සමඟ සහල් ඇතුළු ආහාර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

යාපනය සිට මීගමුව දක්වා මෙම විෂ රසායනික සහ සහල් තොගය ඊයේ (03) ප්‍රවාහනය කරමින් තිබී ඇති බවට  අනාවරණය වී ඇති අතර සිද්ධියට අදාළව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සහල් තොගය හා විෂ රසායනික ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත භාර දී ඇත.