සූක්ෂ්මව කළ මත්පැන් පෙරිල්ල..
Sri Lanka Police
Sri Lanka
By krishani
වෙල් යායක ඉතා පළලට තැනූ නියරක ඉතා සූක්ෂ්ම ලෙසින් වළලා තිබූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට භාවිත කරන ගෝඩා බැරල් 06ක් හෝමාගම පොලිසිය විසින් සොයාගෙන ඇත.
හෝමාගම මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය පැවසුවේ, කුඹුරු අස්වද්දන මුවාවෙන් එහි නියරවල් යට වළලා කලක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවය.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී ගෝඩා බැරල් 06ක තිබී ගෝඩා මිලිලීටර් 1,155,000ක තොගයක් සොයා ගැනුණේ මෙම ජාවාරමට සම්බන්ධ 63 හැවිරිදි සැකකරුවෙකු සමගයි.
සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.