යතුරුපැදි සොරකමේ ගිය 13 හැවිරිදි දැරිය..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 19, 2022 03:38 AM GMT
Report

යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් 13 හැවිරිදි දැරියක් ගාල්ල - කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට ගාල්ල මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ ඊයේ (18) (18) නියෝග කළේ ය.

ඒ අනුව දැරිය ලබන මස 1 වැනි දා දක්වා එහි රඳවා තැබෙනු ඇත.

ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ යතුරුපැදියක් සොරකම් කිරීමේ දී දැරිය සහ තවත් තරුණයෙකු ප්‍රදේශවාසීන්ට හසු වී ඇත.

තරුණයා එහි දී පලා ගොස් ඇති අතර පසු ව හෙළිවූයේ, සැකකාර තරුණයා මෙම දැරියගේ මව සමඟ සබඳතාවක් පවත්වන්නෙකු බවට ය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය විමර්ශන සිදු කරයි.