එල්.ටී.ටී.ඊ වළ දැමූ රත්‍රං සොයා පිරිසක් කැණීම් කරලා..
Sri Lanka Police
Sri Lanka
By krishani
යුද සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළ දමා ඇති බවට සැක කෙරෙන රත්‍රං සොයා කැණීම් කළ පුද්ගලයින් 08 දෙනෙකු විශේෂ කාර්‍ය බලකායේ වාකරේ කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලදී.
ඊයේ (04) වාකරේ - වෙරුගල් පාලම ආසන්නයේ ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුතු ඩයලොග් ගල ප්‍රදේශයේදි මෙම වැටලීම සිදු කෙරිණී.
එහිදී රත්‍රං සෙවීමට භාවිත කළ ස්කෑන් යන්ත්‍රයක් ද හමු වී ඇත.
සැකකරුවන් වයස අවුරුදු 38-52ත් අතර පසුවන ගුන්නෑපාන, නුගවෙල, වත්තේගම, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, වාකරේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.