නව පොලිස්පති ධූරය දේශබන්දු තෙන්නකෝන්ට හිමි වෙයි?..ඉන්න පොලිස්පතිට කරන්න යන දේ මෙන්න..
මේ වන විට බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතා මීළඟ පොලිස්පති ධුරය සඳහා පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයට ඊයේ දිනයේ දැනුම් දී ඇතැයි වාර්තා වනවා ජනාධිපති කාර්යාලයේ දී ඊයේ දින පැවති සාකච්ඡාවේදී මේ බව දැනුම් දී ඇත.
වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ මස 23 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් සේවයට එක් වූයේ සහකාර පොලිස් අධිකාරී වරයෙකු වශයෙනි.
4ඔහු නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අයෙකි.
මේ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වනවා.
ඒ අනුව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඔහුගේ විශ්‍රාම වැටුප් ගොණුව සකස් කර අවසන් කර තිබුණා.
එහෙත් එම විශ්‍රාම වැටුප් ගොණුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පොලිස් සුබසාධන කොට්ඨාශය විසින් මේ දක්වා ලබාදී නොමැති බවටයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |