ළමුන් 100කට මාරු කැදවූ තවත් පැණියක් හෙළිවෙයි

World Health Organization Indonesia
By Sithumi Oct 20, 2022 11:47 AM GMT
Sithumi

Sithumi

in ඖෂධ
Report

ඉන්දුනීසියාවේ කුඩා ළමයින් 100ක් පමණ සිරප් සහ ඖෂධ දියර වර්ග නිසා ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් එරට තුළ සිරප් සහ ඖෂධ දියර වර්ග අලෙවිය තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මේ පිළිබඳව වාර්තා වී ඇත්තේ ගැම්බියාවේ ළමයින් 70 දෙනෙක් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් නිසා මරණයට පත්වී ඇති බව හෙළිවීමෙන් අනතුරුවය.

එම ළමා මරණ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් පරීක්ෂා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ එක් සිරප් වර්ගයක වකුගඩුවේ තුවාල ඇතිකරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු බවය.

ඒ හේතුවෙන් ළමා මරණ 99ක් සිදුව ඇති බව සඳහන් ය. එම ඖෂධය එරට නිෂ්පාදනයක්ද නැතහොත් වෙනත් රටකින් ආනයනය කළ ඖෂධයක් ද යන්න අපැහැදිලි ය.

ඉන්දුනීසියානු බලධාරීන් ළමුන් 200 දෙනෙක් සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර ඔවුන්ට විවිධ වකුගඩු ආබාධ ඇති බව හඳුනාගැණුනි. ඉන් බහුතරය වයස අවුරුදු 05ට අඩු ළමයින් බව වාර්තා විය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%