පොහොට්ටු මන්ත්‍රීවරු අගමැතිට කිව්ව දේ මෙන්න..ඉදිරියේදී කුමක් වෙයිද?
රටේ ආර්ථික ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛත්වයක් දී විසදුම් සොයනවා වෙනුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට සිය අප්‍රසාදය පළ කර ඇතැයි වාර්තා වනවා.
එම මන්ත්‍රී පිරිස මෙසේ අප්‍රසාදය පළකර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අගමැති කාර්යාලයේදී ඊයේ පැවැති සාකච්ඡාවකදීයි.
මෙහිදී අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනවලින් අම්පාරේ ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසඳෙන්නේ නම් එවැන්නක් ගෙන එන ලෙසයි.
මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන නොව, පොහොර සහ බඩට ආහාර බවද සඳහන් කළේය.
මේ සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ,හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ ,පවිත්‍රා වන්නිආරච්චි සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |