‌කොළඹට පැමිණෙන ප්‍රධාන දුම්රියක් බදුල්ලේදි පිලි පනි...මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දක්වා සීමා කෙරේ...

Sri lankan sinhala news Podi menike train Badulla Railway Station Colombo Fort Railway Station Accident news
By Subodha Apr 18, 2022 04:35 AM GMT
Report

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (18) උදේ 8.30ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය පීලිපැන තිබේ .

බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටර 1 හමාරක පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයක දී උදෑසන 8.40ට පමණ දුම්රිය පීලිපැනීමට ලක්ව ඇති බවය.

ඒ වනවිට දුම්රියේ මගීන් විශාල පිරිසක් සිට ඇති අතර ඔවුන් නැවත බදුල්ල දුම්රිය ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව ද වාර්තා වේ.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ඇල්ල දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now