බෝරා කට්ටිය වීඩියෝ කරපු පොඩි සහරාන් අත්අඩංගුවට

Sri Lanka Police Law and Order Sri Lanka Prevention of Terrorism Act Latest Headlines Sinhala news
By Shehan Jun 29, 2025 12:47 AM GMT
Report

බෝරා ආගමික උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි බෝරා ආගමික පල්ලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කරමින් සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරු මහනුවර ශ්‍රීමත් කුඩාරක්වත්ත මාවතේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු පොඩි සහරාන් යන නමින් හඳුනාගෙන ඇත. 

ලංකාදීප පුවත්පතේ වාර්තාවලට අනුව, සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති අතර, එම ජංගම දුරකථනයේ ඇති වීඩියෝ දර්ශන පිළිබඳව විමර්ශනය කිරීමට පියවර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු බම්බලපිටිය දුම්රිය ස්ථානය සහ බෝරා ආගමික පල්ලිය ආශ්‍රිත ප්‍රදේශයේ වීඩියෝ ගත කරමින් සිට ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරදී ඇති බවත්, එම විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.