PMB නිල වශයෙන් හෙට දිනයේ නිකුත් කෙරේ..! හෙට PMB RICE ලබා ගත හැකි තැන් මෙන්න..

Mahinda Amaraweera Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Agriculture
By Sewvandhi Jun 26, 2022 04:19 PM GMT
Report

වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ PMB RICE වෙළෙඳපොළට නිකුත් කිරීම නිල වශයෙන් හෙට (27) කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදු කරනවා.

කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි වී අලෙවි මණ්ඩලය විසින් PMB RICE වෙළෙඳ නාමය යටතේ මෙම සහල් නිකුත් කරනු ඇති.

එමෙන්ම PMB RICE නමින් කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් මළු අලෙවි කිරීමට ද සකස් කර ඇති අතර ඒවා අලෙවිය සඳහා බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රය තුළ අලෙවිසැලක් විවෘත කිරීම හා NLDB ආයතනයේ කිරි ආශ්‍රිත නිෂ්පාදන හා ඊට අයත් පොල් ඉඩම්වලින් ලබා ගත් පොල් හා බිත්තර ද අලෙවි කිරීමේ වෙළෙඳ සැලක් ද ද හෙට දින ආරම්භ කෙරෙන බව සඳහන්.

එමෙන්ම මෙම සහල් පැකට් අලෙවිය කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදු කිරීම ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් අලෙවිසැල් තුනක් මගින් ද සිදු කෙරෙනවා.

වී අලෙවි මණ්ඩලය විසින් තමන් සතු සියලු වී තොග යොදා ගනිමින් වෙළෙඳපොළ අවශ්‍යතාවය මත මාසයකට සහල් මෙට්‍රික් ටොන් දසදහස බැගින් සතොස අලෙවි සැල් මගින් මෙම සහල් නිකුත් කිරීමට අපේක්ෂිතයි.

සහල් පිළිබඳව රජයේ පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now