IMF කියූ බද්දක් ගැසීම කල්දමයි..
IMF Sri Lanka
Ministry of Finance Sri Lanka
Financial crisis
Economy of Sri Lanka
Income Tax Department
By Sewvandhi
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස යෝජනා කර තිබූ, ධන බද්ද ක්‍රියාවට නැංවීම කල් දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මීට පෙර එය 2024 වසරේ සිට ධන බද්ද ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නා.
කෙසේවෙතත් ලෝකයේ වෙනත් කිසිඳු රටක ධන බද්ද ක්‍රියාත්මක නොවන බවට ශ්‍රී ලංකා රජය සිදු කළ අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ධන බද්ද ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන ආදර්ශ සැලසුම් සපයන ලෙස ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වෙත ඉල්ලීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.