ප්ලාස්ටික් සැත්කම් සහ භෞතචිකිත්සාව.

Ministry of Health Sri Lanka
By Wayomi Sep 14, 2022 05:11 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ප්ලාස්ටික් සැත්කම් කියන්නේ, ශරීරයේ කොටස් ප්‍රතිනිර්මාණය කිරීමේ සහ රූපලාවණ්‍ය ක්‍රියාපටිපාටි අනුව සකස් කිරිම ඇතුලත් ශල්‍යකර්ම විශේෂයක්. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වෙන්නේ, උපතින්ම ඇති වූ විෂමතා, කම්පන තත්වයන් නිසා ඇති වූ ආබාධ සහිත පුද්ගලයින්ගේ, ඒ කියන්නේ, පිලිස්සීම, මුහුණේ අස්ථි බිදීයාම වැනි අනතුරු නිසා වන තුවාල, උපතේදී පිහිටන අසාමාන්‍යතා, නොයෙක් රෝග හෝ ආසාදන නිසා වන වෙනස් වීම්, පියයුරු පිලිකා වලදී, හිසෙහි හා ගෙලෙහි ඇති වන පිලිකා හා බඩවැලෙහි වූ පිළිකා ඇති අයගේ ශරීර ක්‍රියාකාරීත්වය වෙනස් කර වැඩි දියුණු කිරීමයි.

? ප්ලාස්ටික් සැත්කම් යනු ප්‍රතිනිර්මාණ හා රූපලාවන්‍ය ක්‍රියා පටිපාටීන් යන දෙකම ඇතුළත් ශල්‍යකර්ම විශේෂයකි.

? Oncoplastic පියයුරු සැත්කම්, පියයුරු සංරක්ෂණ ශල්‍යකර්මයෙන් පරිණාමය වූවක් වන අතර එමගින් රූපලාවන්‍ය ප්‍රතිඵලයන්ට හානියක් නොවන පරිදි සාමාන්‍ය ඉවත් කිරීමේ මායිම් පුළුල් කරගත හැකියි. ඒ අනුව Oncoplastic පියයුරු සැත්කම් යනු පියයුරු පිළිකා ඉවත් කිරීමේදී අවම විකෘතිතාවයකින් ශල්‍ය කර්මය නිමා කිරීමට උපයෝගී කරගන්නා තාක්ෂණයකි.   

රූපලාවන්‍ය ක්‍රියා පටිපාටීන් වලදී

? මෙහි ප්‍රධානවම අවධානය යොමු කරන්නේ කෙනෙකුගේ ආත්ම විශ්වාසය ගොඩ නංවමින් පෙනුම වැඩි දියුණු කිරීම සඳහා ශරීරයේ කොටස් අලුත්වැඩියා කිරීම හා නැවත සකස් කිරීම කෙරෙහියි.

? පුද්ගලයෙකු රූපලාවන්‍ය ප්ලාස්ටික් සැත්කම් සදහා පෙළඹවීම සිදු කරන සාධක වන්නේ ඔහුගේ බාහිර පෙනුම, ආත්ම අභිමානය යනාදියයි.

? නව යෞවනයන් අතර ප්‍රසිද්ධියට පත් රූපලාවන්‍ය ප්‍රතිනිර්මාණ ශල්‍යකර්ම වන්නේ rhinoplasty (නාසයේ හැඩය වෙනස් කිරීම සඳහා සිදුකරන ශල්‍යකර්ම), blepharoplasty (ඇසිපිය සඳහා සිදුකරන ශල්‍යකර්ම), කන් සඳහා සිදුකරන ශල්‍යකර්ම, පියයුරු වල ප්‍රමාණය අඩු කරමින් හැඩය වෙනස් කිරීම, අසමමිතිකව පිහිටා ඇති පියයුරු සඳහා සිදුකරන ශල්‍යකර්ම ලිංග හෝමෝනවල අසමතුලිතතාවය නිසා ඇතිවන පුරුෂයින්ගේ අසාමාන්‍ය ක්ෂීර ග්‍රන්ථි පටක වර්ධනය වීම් ඉවත් කිරීම, නිකට ප්‍රදේශයේ අස්ථියේ වර්ධනය වීම සදහා සිදු කරන ශල්‍යකර්ම, ශරීරයේ මේද සෛල සමූහ ඉවත් කිරීම යනාදියයි.  

? සම බද්ධ කිරීම යනු පිළිස්සුම්, කම්පන ඇතුළු විවිධ තත්වයන් සඳහා සිදු කෙරෙන ප්ලාස්ටික් සැත්කම් ආකාරයකි. 

?‍⚕️ ප්ලාස්ටික් සැත්කම් වල විවිධ අවස්ථා වලදී භෞත චිකිත්සාව විශාල කාර්යභාරයක් ඉටු කරයි. එම නිසා උපරිම ප්‍රතිඵල ලබා ලැනීම සදහා භෞත චිකිත්සකවරයා හා ශල්‍යකර්ම කණ්ඩායම අතර සමීප සහයෝගීතාවයක් තිබිය යුතුයි. 

ශල්‍යකර්මයට පෙර භෞතචිකිත්සක යෙදුම්

? රෝගියා ලිහිල් කිරීම සඳහා හුස්ම ගැනීමේ අභ්‍යාස සිදු කිරීම.

? අත්පා වල චලිත පරාසය සහ ගොදුරු රුධිර සංසරණය වැඩිදියුණු කිරීම.


ශල්‍යකර්මයට පසු භෞතචිකිත්සක යෙදුම්

? චලනයන් යථා තත්ත්වයට පත් කිරීම.

? ශරීරය තුළ තරල එක් රැස් වීමෙන් ඇතිවන ඉදිමී රැකීම සඳහා වසා පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම.

? ස්නායු මාංශපේෂි ආබාධ නිසා ඇතිවන බලපෑම් කළමනාකරණය .


ප්ලාස්ටික් සැත්කම් වල අතුරු ආබාධ.

? ආසාදන

? නිර්වින්දන පද්ධතියේ විෂ වීම් ඇති වීම.

? අභ්‍යන්තර රුධිර නාල වල තරල හුවමාරු වීම.

? වේදනාව, ඉදිමීම සහ හිරිවැටීම.

? සමට යටින් රුධිරය එකතුවීම.

? ශල්‍යකර්මය සිදුකර ස්ථානය කැසීම, රතු පැහැය හෝ තැලීම්     


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW