ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල අඩු කරයි..නව මිල ගණන් මෙන්න.(UPDATE)

Sri Lanka Businessman
By Aruna Oct 06, 2022 03:07 AM GMT
Report

Update 

ගෑස් මිල අඩුවීමට සමගාමීව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්ලේන්ටියක නව මිල රුපියල් 30ක් වන අතර,කිරි තේ කෝප්පයක නව මිල රුපියල් 100 ක් දක්වා අඩු කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළා.

..............................

ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල අඩු කිරීමට යයි..වැඩේ වෙන්නෙ මෙහෙමයි.

ගෑස් මිල අඩුවීමට සමගාමීව ප්ලේන්ටියක සහ කිරි තේ කෝප්පයක මිල අඩු කිරීමට ආපනශාලා හිමියන් විසින් තීරණය කර තිබෙනවා.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, අද (06) දිනයේ තම සංගමය රැස්වී අඩු කරන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

කෙසේවෙතත් මේවන විට වෙළඳ පොලේ ප්ලේන්ටියක් අලෙවි වන්නේ රුපියල් 50 ක 60ක මිලක් බවත්,කිරි තේ කෝප්පයක් රුපියල් 120 සහ ඊට වැඩි මිලකටත් අලෙවි වන බවයි අසේල සම්පත් මහතා කියා සිටියේ.

ඒ අනුව මෙලෙස ඉහළ ගිය මිල ගණන් සැළකියයුතු මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් එය අද උදෑසන කාලයේ ප්‍රකාශයට පත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ලිට්රෝ ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂ ව ලාෆ්ස් ගෑස් මිල අඩු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තමන් ලාෆ්ස් සමාගම ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරන බවත් ඔහු කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now