හිස්කබලේ කොටස් ආමාශයේ තැන්පත් කළ අමුතු සැත්කම.
වෛද්‍ය විද්‍යාව කියන්නේ ඇත්තටම හාස්කමක්. අද වන විට වෛද්‍ය විද්‍යාව නැත්නම් ගොඩක් අයගේ ජීවිත වල ඉරණම් විසඳි හමාරයි. ඉතින් මේ කියන්න යන්නෙත් රූ රැජිණකගේ ජීවිතේ අවසන් හුස්ම පොද රැකගන්න වෛද්‍ය විද්‍යාව දැක්වූ හාස්කමක් ගැනයි.
මේ සිදුවීමට මුහුණ දුන්නේ වරක් ඇමරිකා එක්සත් ජනපදයේ ඉඩාහෝ ප්‍රාන්තයේ රූ රැජින බවට පත් වූ ජේමි හිල්ටන්. ඇය 2012 ජූනි 6 වැනිදා ඇයගේ සැමියා සමඟ විනෝද ගමනක් ගියා. එහිදී ඔවුන් බෑවුමක සිට මාළු අල්ලද්දී ජේමි එකවරම ඇය සිටි තැන සිට මීටර් 30 ක් පමණ ප්‍රපාතයකට ඇද වැටුණා.
ඇගේ සැමියා එතැනට පැමිණෙද්දීත් ඇයට සිහිය නොතිබූ අතර හුස්ම ගන්නා බවක් පෙනී තිබුණේ නැහැ. ඔවුන් නගරයෙන් සෑහෙන දුරක සිටි නිසාත්, තත්ත්වය බරපතළ නිසාත් ඇයව රෝහලට රැගෙන ගියේ හෙලිකොප්ටරයකින්.
ඇය රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පැවසුවේ හිස්කබලට දැඩි ලෙස හානි වී තිබූ බවයි. එහිදී මොළය ඉදිමී තිබූ නිසා එයට සිදුවිය හැකි හානිය වළක්වා ගන්න හිස්කබලෙන් හතරෙන් පංගුවක් පමණ ඉවත් කරන්නට සිදුවුණා. හැබැයි සුව වුණාට පස්සේ හිස්කබලේ ඉවත් කරන කොටස් නැවත හිසට තබා මැසිමේ හැකියාව තිබෙනවා. නමුත් වෛද්‍යවරුන්ට ගැටලුව වී තිබුණේ ඒ වනතෙක් එම හිස්කබලේ කොටස් පරිස්සමට තබාගන්නේ කොහොමද කියන දේ ගැන.
පසුව එම කොටස් ආමාශයේ තැන්පත් කරන්න ඔවුන් තීරණය කළා. ඒ කතාව නම් ටිකක් අමුතුයි වගේ තමා. නමුත් දින 42ක් මේවා ආමාශයේ තැන්පත් කර තිබූ අතර ජේමිට ඉන් කිසිදු හානියක් හෝ ආබාධයක් සිදුවුයේ නැහැ. ඇය ටිකෙන් ටික සුව වූ පසු ආමාශයේ තැන්පත් කළ කොටස් නැවත හිසට තබා මසා, හිස්කබල යථා තත්වයට පත් කළා.