පියුමිත් එක්ක කතා කරපු අයට වැඩ වරදින ලකුණු..තවත් ගේමක් ලීක් වෙන්න යයි..

Police spokesman Sri Lanka Police Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Aruna Jun 23, 2024 08:02 AM GMT
Report

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සමග දුරකථන ඔස්සේ කතා බස් කළ පුද්ගලයන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසිය සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඇය භාවිතා කරන ලද ජංගම දුරකථනය ඔස්සේ සිදු කරන විමර්ශන වලට අනුව මෙම ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.

පියුමිත් එක්ක කතා කරපු අයට වැඩ වරදින ලකුණු..තවත් ගේමක් ලීක් වෙන්න යයි.. | Piyumi Hansamali

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඇය මෙතෙක් ප්‍රකාශිත වත්කම් වලට වඩා තවත් වැඩි වත්කම් ප්‍රමාණයක් ඇතැයි හෙළි වී ඇත.

ඇයට දේපළ සහ වත්කම් තරම් විශාල ප්‍රමාණයක් ලැබුණු ආකාරය අනාවරණය කර ගැනීම සඳහා අධිකරණ නියෝග මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන්නේ නීති විරෝධී වත්කම් දේපළ පිළිබඳ පොලිස් කොට්ඨාසය විසින්.

මේ අතර, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයා ගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘ලොලියා’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

පියුමිත් එක්ක කතා කරපු අයට වැඩ වරදින ලකුණු..තවත් ගේමක් ලීක් වෙන්න යයි.. | Piyumi Hansamali

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ, පියුමි හංසමාලිගේ "LOLLIA" Skin Care (Pvt) Ltd. ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු, ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයන හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් එලෙස විමර්ශන කරන බවයි.

පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිට ඉතා කෙටි කාලයක් තුළ නවීන පන්නයේ මෝටර් රථ, අධි සුඛෝපභෝගී මහල් නිවාස මිලදී ගෙන විවිධ දේශපාලනඥයන් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන හෙයින් ඇය නීති විරෝධී ක්‍රියාවන් සිදුකර මෙම මුදල් උපයා ගත්තේද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත.

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..

ඉන්ධන වලට ගහපු බද්ධක් නිසා මිල ගණන් ඉහළ ගිය හැටි..වැඩිවූ මිල ගණන් ලැයිස්තුව මෙන්න..


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ, මුහුණ ඇතුළු සම සුදු කරන ආලේපන අලෙවි කරන ව්‍යාපාරයක් වන පියුමි හංසමාලිගේ ලොලියා ආයතනය සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ටාර් කාර්යාලය මගින් එම ව්‍යාපාරයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවයි.

මෙම සිද්ධීන් පිළිබඳව සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට නියම කර තිබේ.