පෙම්වතාගෙන් වෙන්වුනු පියුමි හොඳම යහළුවන් දෙන්නත් එක්ක තරු හෝටලයක ඇයගේ දුක බෙදා ගත්තේ මෙහෙමයි..(PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali
By Sewvandhi Oct 07, 2022 04:36 PM GMT
Report

ජනප්‍රිය සුරූපී නිලි පියුමි හංසමාලි ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇයගේ අලුත් පෙම්වතා සමඟ තිබුණු ආදර සම්බන්දය ඉතාම ටික කාලයකින් දෙදරා ගොස් ඔවුන් දෙන්නා වෙන් වීම නිසයි. කොහොම නමුත් මේ යුවලගේ ආදරයට සහ ඔවුන් ගෙවපු සුන්දර ජීවිතයට පහුගිය කාලය පුරාවටම බොහෝ දෙනෙක් සුබපතලා තියනවා වගේම ඔවුන්ට ආශීර්වාද කරලා තියනවාත් අපට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිරන්තරයෙන්ම දැකගන්න ලැබුණා. 

 ඉතින් මේ දෙන්නගේ වෙන්වීමත් සමඟ නැවතත් බොහෝ දෙනෙක් ඔවුන් ගැන එක එක කතා පවසනවා. ඉතින් පියුමිගේ ඉස්සර ඉදන්ම හොඳම යහළුවන් දෙන්නෙක් වන චන්දිමාල් ජයසිංහ සහ රන්ජන් රාමනායක සමඟ ඔවුන් ඊයේ කොලඹ සුපිරි තරු හෝටලයක් වන ෂැන්ග්‍රිලා හෝටලයේදී රාත්‍රී ආහාර ලබාගෙන තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ අවස්ථාවේදී ලබාගත්ත ඡායාරූපයක් චන්දිමාල් ජයසිංහ ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් පවසලා තිබුනේ ප්‍රේමය වුවද කිසිදිනක, කිසිවිටෙක, කිසිවෙකුට නොමිලයේ ලබා නොදෙන්න. දිනෙක හොඳම තේරීම විසින් එය මිලට ගණු ඇත කියලයි.

කොහොම නමුත් හොඳම යහළුවන් විදිහට එකිනෙකාට උදව් කර ගනිමින් දුක සැප දෙකේදීම ඔවුන් ලඟින්ම ඉන්න එක ගැන අපි සතුටු විය යුතුයි. මොකද හැමෝටම එවැනි යහළුවන් හමු නොවන නිසා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery