"..සුළු සුළු රණ්ඩු උනාට මට ඉන්නවා හොඳ මහත්තයෙක්, රත්තරන් පුතෙක්.." පියුමි හංසමාලිගෙන් හැමෝටම දැනෙන උත්තරයක් - (PHOTOS)

Sri Lanka Gossip Today Piumi Hansamali
By Sewvandhi Nov 07, 2022 04:21 PM GMT
Report

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ සිටින ඉතාමත් දක්ෂ අංක එකේ නිරූපණ ශිල්පිනියක් තමයි පියුම් හංසමාලි කියන්නේ. එනම් පියුමි හංසමාලි කියූ සැනින් සියල්ලන්ගේ හිතට ඉක්මනින්ම එන දෙයක් තමයි සෘජුව කෙලින් කතා කරන, ඉතා සැහැල්ලුවෙන් ජීවත් වන ආදරණීය චරිතයක් කියන එක. 

චන්දිමාල් ජයසිංහ එක්ක සහ රංජන් රාමනායක සමගින් හොද යහලුවන් සේ ඇසුරු කරන පියුමි හංසමාලිට ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබෙනවා. ඇය ගැන මෑතකදි අසන්නට ලැබුණේ උතුම් ක්‍රියාවක්. ඒ ඇගේ පුතුගේ උපන්දිනයට ඇය පාටි නොදා උතුම් සත්කාරයක් කරලා තිබුණා. රටටම ආදර්ශයක් දෙමින් ඇය දිළිදු පවුලකට නිවසක් සෑදීම සදහා මුල් ගල තබා තිබුණා.

මේ ගැන හැමෝගෙම ප්‍රශංසාවට පත් වුණා. ඒ වගේම හැමෝම මේ ගැන කතා බහ කරන්නට වුණා. ඉතින් ඒ වගේම පුවත් මවන පියුමිගේ සහ ප්‍රගීත් අතර ඇතිවුණ ප්‍රශ්නය ගැනත් හැමෝම විපරමෙනුයි ඉන්නේ. ඒ පිළිබදව ඇය එක්තරා යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා.

” මම ගැන ගොඩක් ප්‍රේක්ෂකයො බලාගෙන ඉන්නේ. මම හරිම කැමතියි ඒකට. ඒ නිසා දිගටම මම ගැන ටච් එකේ ඔහොමම ඉන්න. කලබලය නිසා පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. නමුත් දැන් ඒක ඉවරයි. ගොඩක් ප්‍රේක්ෂකයො මාව ෆලෝ කරන නිසා තමයි මගේ පොඩි දේත් ඒ විදියට වයිරල් යන්නේ. ගොඩක් කට්ටිය මට හිනාවෙන්න මාව පහත් කරන්න උත්සාහ කරනවා.

නමුත් මට හිනාවෙන අය තවම මම ගැන හිත හිතා හිනා වෙවී ඉන්නවා. මමනම් ගොඩක් හොදට දැන් ඉන්නවා කිසි අඩුපාඩුවක් නැතිව. ඒ ගැන මම හරිම සතුටින් කියන්නේ. මට ඉන්නවා රත්තරන් පුතෙක්. හැම අම්මෙක්ගෙම බලාපොරොත්තුව තමන්ට රත්තරන් පුතෙක් ඉන්න එකයි. අපේ පුතා දවසක් කියලා තියෙනවා එයාගෙ යාලුවෝ එක්ක මමනම් කසාද බදින්නෙ නෑ අම්මා බලාගෙන ඉන්නවා කියලා.

ඉතින් රත්තරන් පුතෙක් වගේම සුලු සුලු රණ්ඩු වුනාට මට හොද මහත්තයෙකුත් ඉන්නවා. ඒ ගැන මම සතුටුයි. මාව වට්ටන්න හදන මිනිස්සු තවම එතනමයි. මමනම් මගේ ජීවිතේ ඉස්සරහට ගිහින් හොද සැපවත් ජීවිතයක් ගත කරනවා.”




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGallery