කවුරුත් ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි අවාසනාවන්ත ලෙස දරුණුව අසනීප වී රෝහල්ගත කරයි (PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi May 25, 2022 03:52 PM GMT
Report

රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් සමග සුහදව කටයුතු කරමින් ක්ෂේත්රයේ ඉන්න සහෘද කලාකරුවන්ටත් උදව් උපකාර කරගනිමින් කලා ක්ෂේත්‍රය තුළ නියැළුණු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු.

ඇය ටිකක් කටකාර දඟකාර කෙළිලොල් කලාකාරිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් විදිහටත් නිවේදිකාවක් ලෙසත් හඬකැවීම් ශිල්පිනියක් ලෙසටත් පියුමි කලා ලෝකය තුළ වැඩ කටයුතු රැසක් සිදු කරනවා.

පියුමි කියන චරිතය ප්‍රේක්ෂකයන් මුලින්ම හඳුනාගන්න පටන් ගන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ පබා කියන ටෙලි නාට්‍යයේ ඇය විසින් නිරූපණය කරපු ඒ විකට චරිතය නිසයි. ඒ නිසාම නිසාම දිගින් දිගටම ඇයට නොකඩවා විවිදාකධාකාරයේ හාස්‍ය උත්පාදනය කරන චරිත ලැබෙන්න පටන් ගත්තා.

ඇය එක්තරා අවස්ථාවකදී එකම රාමුවකට කොටු වුණත් රංගන ජීවිතය තුළ දී ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පිනියක් කියලා ඇය නොයෙක් වර ඔප්පු කර පෙන්වා තියෙනවා. ජීවිතය ආදරේ කියන තැනදී ජය පරාජයන් සියලුම දේවල් වලට මුහුණ දීපු පියුමි අද වන විට කසාද ජීවිතෙන් ඈත් වෙලා ආදරණීය අම්මයි තාත්තයි ලඟ තමයි ජීවත් වෙන්නේ.

ඒ විදියට කටයුතු කරපු ඇය කලා කටයුතුත් එක්ක කාර්යබහුල වීමත් සමඟම පසුගියදා හරි අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. ඉතින් ඇය නොසිතූ විරූ විදිහට අසනීප වෙලා මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඇය මේ විදිහට රෝගාතුර වෙලා තියෙන්නෙ විසබීජයක් ශරීරගත වීම නිසා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ පිළිබඳව ඇය ගැන සොයන සහ ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඇගේ instergram ගිණුමට ඇය විසබීජයක් නිසා රෝගාතුර ව රෝහල් ගත කරලා කියලා පණිවිඩයක් සටහන් කරනවා.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGallery