උත්සව සමයේ මාළු මිලට සිදු වූ දේ මෙන්න

Sri Lanka Business Market Pish price
By Aruna Apr 13, 2022 03:55 AM GMT
Report

කෙලවල්ලා කිලෝ ග්‍රෑමයක් රු. 1000 උත්සව සමයේදී පාරිභෝගික ජනතාවගේ ඉල්ලුමට සරිලන මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන නමුත් ඒවායේ මිල වැඩිවී ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපති ජයන්ත කුරේ පැවසීය.

තෝරා, කොප්පරා සහ කෙලවල්ලෝ ඇතුළු මත්ස්‍ය වර්ග ගණනාවක මිල රුපියල් තුන්සියයකින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ඔහු කීවේය.

ඊයේ (12 වැනිදා) තෝරා සහ කොප්පරා මසුන් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 1200ක් වූ අතර, එහි සිල්ලර මිල රුපියල් 1500ක් පමණ විය.

මේ අතර, කෙලවල්ලා කිලෝ ග්‍රෑමයක් ඊයේ අලෙවි වූයේ රුපියල් 1000කටය.

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මසුන් රැගෙන දෛනිකව ලොරි රථ දෙසීයක් පමණ පැමිණෙන බව කී සභාපතිවරයා පාරිභෝගිකයන්ගේ පැමිණීමේ ද කිසිදු අඩුවක් නැතැයි පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now