පිරමීඩ ගණුදෙනු ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්...

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka Government Of Sri Lanka Businessman
By Aruna Aug 14, 2023 12:01 AM GMT
Report

දැනට තහනම් කර ඇති පිරමීඩ අයෝජන ක්‍රමවලට අමතරව තවත් පිරමීඩ ක‍්‍රම තිබිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව,මහ බැංකුව සදහන් කර සිටියේ, ඒ ගැන සමීපව විමර්ශනය කරමින් සිටින බවයි.

ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාද අවස්ථා සඳහා මෙම ආයතන අනුග්‍රාහකත්වය දක්වමින් යහපත් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ ගන්නා බව ද මහ බැංකුව කියා සිටියා.

නමුත්, මහ බැංකුව මහජනතාවට අවවාද කර සිටියේ, ඊට නොරැවටෙන ලෙසද තම මුදල් රැකගන්නා ලෙසයි.

පිරමීඩ යෝජනා ක්‍රම 8ක් පිළිබඳව මහ බැංකුව විසින් මහජනයා දැනුවත් කර ඇතත්, එම ලැයිස්තුවේ දැනට ඇති සියලුම පිරමීඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බව ද මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර, ආන්දෝලාත්මක පිරමීඩ ජාවාරමේ නිරත වූ බවට චෝදනා එල්ල වන OnmaxDT, MTFE ආයතන දෙක සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ දිගින් ක්‍රියාත්මක වන පසුබිමක තවත් පිරමීඩ සමාගමක් සිය මෙහෙයුම් මෙරට තුළ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

සමාජ ජාල ඔස්සේ එම සමාගම විසින් පුද්ගලයන් පොලඹවන ආකාරය මේ දිනවල නිරීක්ෂණය කළ හැකිය.

බිට්කොයින් ආසන්න නමක් ද ඇතුළු කරමින් ඔවුන් මෙම ජාවාරමට පිවිසෙන ආකාරයක් නිරීක්ෂණය වෙයි.

මේ වන විට OnmaxDt සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර MTFE ප්‍රධානින් පස් දෙනකුට එරෙහිව රටින් පිටවීමට වාරණ නියෝග නිකුත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් දැනුම් දී ඇත්තේ පිරමීඩ හැඩ ගත් ජාවාරම් සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

මේ අතර, එවන් තත්ත්වයක් තුළ, නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා මහජනතාවට විශේෂ දැනුම්දීමක් ද සිදු කරනු ලැබුවා.

එම දැනුම්දීම පහතින්,

Gallery