රස අන්නාසි චට්නි රෙසිපි එකක්.
චට්නි වර්ග කන්න ගොඩක් දෙනෙක් ආසයිනේ. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ ගෙදරදීම කොහොමද? රස අන්නාසි චට්නි එකක් හදාගන්නේ කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
🍍 ලොකු අන්නාසි ගෙඩි 1
🍍 සීනි කෝප්ප 3/4
🍍 විනාකිරි කෝප්ප 1/2
🍍 අබ තේ හැන්දක්
🍍 පොල් තෙල් ටිකක්
🍍 වියලි මිරිස් කරල් 2-3
🍍 කුරුඳු පොතු කෑල්ලක්
🍍 ලුණු
🍍 කෑලි මිරිස් තේ හැඳි 2
🍍 එනසාල් 4-5
🍍 කරාබු නැටි 3-4
සාදාගන්න ආකාරය
🍍 භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න.
🍍 ටිකකින් එනසාල්, කරාබු නැටි, කුරුඳු පොතු හා වියලි මිරිස් කරල් තරමක කෑලි කඩලා දාගන්න.
🍍 ගින්දර අඩු මට්ටමේ තියාගන්න.
🍍 ටිකකින් කෑලි මිරිස් ටික දාගන්න. කලවම් කරන ගමන් වතුර කෝප්ප 1ක් වගේ දාගෙන ඒකටම විනාකිරි හා සීනි දාගන්න.
🍍 සීනි හොඳට දියවෙලා උතුරගෙන එනකොට පොඩියට කපාගත් අන්නාසි කෑලි එකතු කරන්න.
🍍 අන්නාසි බෙරි වෙලා තෙත හිඳුනු උකු මිශ්‍රණයක් එනකම් පිසගන්න. ගින්දර නම් වැඩි කරගන්න එපා ඉක්මණින් කර වෙන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |