වෙළෙඳසැලකින් මුදල් සොරාගෙන අතටම හසුවූ තරුණයෙකුව ප්‍රදේශවාසීන් එක්ව කණුවක බැද ලබා දුන් අමුතු දඩුවම..(VIDEO)

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Sep 29, 2022 11:04 AM GMT
Report

වෙළෙඳසැලකින් මුදල් සොරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් එක්ව යකඩ කණුවක ගැටගසා තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ පිළියන්දල බටකැත්තර ප්‍රදේශයෙනි. සැකකරු අදාළ වෙළෙඳසැල වෙත පැමිණ අයිස් පැකට්ටුවක් මිලදීගැනීමට අවශ්‍ය බව පවසා ඇත.

එම අවස්ථාවේ වෙළෙඳසැලේ හිමිකරු ශීතකරණය අසලට ගොස් ඇති අතර එක්වරම සැකකරු ලාච්චුවෙන් මුදල් සොරාගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මේ බව දුටු වෙළෙඳසැලේ හිමිකරු ඔහුව අල්ලාගෙන ඇත.

වෙළෙඳසැලේ හිමිකරුගේ කෑගැසීම ඇසුණු ප්‍රදේශවාසීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ පසුව සැකකරු අල්ලාගෙන යකඩ කණුවක ගැටගසා තිබේ. පසුව කැස්බෑව පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු අධිකලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින සොරකම් රැසකට සම්බන්ධ අයෙකු බවය.

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW