සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්..

Government Employee Ministry of Health Sri Lanka Government Of Sri Lanka National Health Service
By Aruna Aug 16, 2023 06:48 AM GMT
Report

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයන් පිරිසක් උද්ඝෝශණයක් ආරම්භ කර තිබෙනවා.

2014 වසරේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවර ගැනීමෙන් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදුවි නොමැති අතර, අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බව උද්ඝෝෂකයන් පවසනවා.

ඔවුන් පවසන්නේ විවිධ අවස්ථාවලදී වැටුපෙන් කොටසක් ගෙවා ඇති බවත්, එයට නිසි විසඳුම් බලපොරොත්තු වන බවත්ය.

උද්ඝෝෂකයන් පස් දෙනෙකුට පමණ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් හිමිව තිබේ.