හෙටත් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය.

Sri Lanka Hospitals in Sri Lanka
By krishani Nov 02, 2023 04:51 PM GMT
Report

අද(02) සිට දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හෙට දිනයේ දී උතුරු පළාතේ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ය.

ඒ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට විධිමත් පියවරක් නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනයි.

ඒ අනුව අද උදෑසන 8 සිට මෙම සංකේත වැඩ වර්ජනය ඌව පළාතේ ක්‍රියාත්මක විය. 

ඒ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවයට පත් විය.

මේ අතර අද එක් දින සංකේත වැඩවර්ජනයට සමගාමීව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ද විරෝධතා පා ගමනක නිරත විය.

මෙම විරෝධතා පා ගමන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් සංවිධාන කළ අතර එය ආරම්භ කළේ කොළඹ විහාර මහදේවී උද්‍යානය අසලින් ය.

එම පා ගමන කොළඹ මහජන පුස්තකාලය දක්වා පැමිණි අතර එහිදී ඊට පොලිසියෙන් බාධා එල්ල විය.

ඒත් සමග උණුසුම් තත්ත්වක් හට ගත් අතර එම උණුසුම් තත්ත්වය නොතකා එම පා ගමන කොළඹ මහජන පුස්තකාල දක්වා ගමන් කිරීමට කටයුතු කළේ ය.