මොකක්ද මේ Mobile Phone රිසොලියුෂන් කියන්නේ.

By Wayomi Jul 24, 2022 12:06 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් ස්මාට්ෆෝන් එකක් මිලදී ගද්දී සලකා බැලිය යුතු දේවල් අතර ප්‍රධාන දෙයක් තමයි Mobile Phone රිසොලියුෂන් එක. මොකක්ද මේ Mobile Phone රිසොලියුෂන් කියන්නේ.

🧩 ස්මාට්ෆෝන් එකක තිරයේ රිසොලියුෂන් එක කියලා හඳුන්වන්නේ, තිරයක් ඇතුළේ කොතරම් පික්සල් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවද කියන එක.

🧩 සිංහලෙන් කිව්වොත් තිර විභේදනය. ඒ කියන්නේ 1280X720 නැතිනම් 720p කියන්නේ තිරස්ව සහ සිරස්ව තියෙන පික්සල් ප්‍රමාණය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.

🧩 ප්‍රමාණයෙන් පොඩි තිරයක 720p පික්සල් ප්‍රමාණයෙන් ලැබෙන ගුණාත්මක භාවය, ප්‍රමාණයෙන් ලොකු තිරයක තියෙන 720p පික්සල් ප්‍රමාණයෙන් ලැබෙන්නේ නැහැ. එතකොට ඔය ලොකු සයිස් ස්ක්‍රීන් වලට යනකොට පික්සල් ප්‍රමාණයත් වැඩියි.

🧩 දැන් 1080p කියලා හඳුන්වන්නේ 1920X1080 පික්සල් ප්‍රමාණයන්. එතකොට 2K කියන්නේ 2560X1440 පික්සල් ප්‍රමාණයන්.

🧩 එතකොට 4K Ultra HD කියන්නේ 3840X2160 පික්සල් ප්‍රමාණය. ඒ වගේම 4K නැතිනම් True 4K කියන්නේ 4096X2160 ක පික්සල් ප්‍රමාණයක්.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW