ෆෝන්කාඩ් ගාස්තු සහ සියලුම පැකේජ් අද වෙනස් වෙන හැටි මෙන්න..

Sri Lanka Smart Phones
By Aruna Sep 04, 2022 11:59 PM GMT
Report

දුරකථන සේවා ගාස්තු 20 %ක ප්‍රතිශතයකින් අද සිට ඉහළට

දුරකථන සේවා ගාස්තු 20 %ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා,

“එක සමාගම 49 කාඩ් එක රුපියල් 59ක් වෙනවා.

99 එක 119ක් වෙනවා. කරුණාකරලා වෙළෙඳසැලට ගියම අලුත් ගාණ විමසලා ඉන්න.

ඔබලා පරණ ගාන ඒ රීලෝඩ් එක දැම්මොත්. ඔබලා බලාපොරොත්තුවන පැකේජ ලබාගන්න බැහැ.

අපි රජයට බරක් නැහැ. රජය අපිට බරක්. අපි මේ බර කරෙන් බිමට තියෙනවා. පොළොවේ ගහනවා මේ බර කොයිවෙලේ හරි.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now