ඇල්පිටියේ PHI ඝාතනය සම්බන්ධයෙන් හෙළිවූ සංවේදි තොරතුරු...

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sithumini Jul 05, 2024 05:20 PM GMT
Report


ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඝාතනය කර ඇත්තේ ඉලක්කය වැරදීමෙන් සිදූවූවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබෙනවා.

, ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසේ සිටින පොලිස් පරීක්ෂකවරයෙක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවයි.

ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කළ වෙඩික්කරුගෙන් ගල්කිස්ස පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන කොට්ඨාසයට අනුයුක්තව සේවය කර තාවකාලික වැඩතහනමකට ලක් ව සිටි පොලිස් පරීක්ෂක දැඩිමුණි බාලේන්ද්‍රසිංහ මහතා වෙඩි තබා ඝාතනය කළේද තමන් බවයි එහිදී ඔහු පවසා ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 09වනදා එම පොලිස් නිලධාරියාව ඝාතනය කර තිබුණේ නඩු කටයුත්තකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තවත් ඝාතන රැසක් පිළිබඳව පවසා ඇති බව පොලීසිය පැවසුවා. එක් වරෙක රුපියල් 50,000ක මුදලකට කුඩා දරුවෙකු ඝාතනය කිරීමට ගොස් ඇති වෙඩික්කරු තම දරුවා සිහිවීම හේතුවෙන් එය සිදුකර නොමැති බවද පාපොච්ඡාරණය කර තිබෙනවා.

මේ අතර මේ වනවිට අත්අඩංගුවේ පසුවන කුලී ඝාතකයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුවට භාරදීමට නියමිත අතර ඒ ඇල්පිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඝාතනය කිරීමට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහායි. කුලී ඝාතකයාට කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ යාබද නිවසක සිටින පොලිස් පරීක්ෂකවරයෙකු ඝාතනයට බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළෙ. ,

ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුව මුදා නොහැරීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය අඩු නොකිරීමට කටයුතු කිරීම නිසා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසු බවයි අදාළ පොලිස් පරීක්ෂකවරයාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ