ඉන්ධන පෝලීමේ කුපිත වු පිරිස් කලුතර-බණ්ඩාරගම මාර්ගයේ සිදුකළ දේ..

Srilanka udaya gammanpila Petroliom problem
By Sithumi Mar 05, 2022 11:14 AM GMT
Report

දින පහක් මුළුල්ලේ ඩීසල් බලාපොරොත්තුවෙන් ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට රැදී සිටින රියදුරන් මීට සුළු මොහොතකට පෙර, ගෝනදූව ඉන්ධන පිරවුම් හල ඉදිරිපිටින් බැරල් සහ කෑන් දමා කළුතර බණ්ඩාරගම මාර්ගය මුළුමනින්ම වසා දැමීමට කටයුතු කළේය. 

 මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානයට පැමිණ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් රියදුරන් සමග සාකච්ඡා කළ නමුත් මාර්ගය විවෘත කිරීමට රියදුරන් එකඟ නොවීය .

මේ හේතුවෙන් ගෝනදූව දෙස සිට කළුතර දෙසට සහ බණ්ඩාරගම දෙසට දිගු වාහන පෝලිමක් දැකගත හැකිය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now