ඉන්ධන මිල ගැන රජයේ ස්ථාවරය මෙන්න.. ඉදිරියේදි සිදුවන දේ..

sri lanka politics Business Petroliom
By Sithumi Jan 21, 2022 05:31 PM GMT
Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදීය. මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවද ඔහු පැවසීය. මේ වනවිට රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලැබුවද ඉන්ධන මිල ඉහළ නැංවීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය

. ඒ හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ නැවත වැසි ලැබෙන තෙක් යම් විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් මාර්තු මස අගභාගයේදී විශාල අර්බුදයකට යාහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

. "හොඳට කාලා බීලා කෑම ඉතුරුත් වෙලා කුණු බක්කියට කෑම විසික්කරන ගමන් ජනතාවට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කිව්වොත් ජනතාවට කේන්ති යනවා. ඒ ආදර්ශය එන්න ඕනේ දේශපාලකයින්ගෙන්." යනුවෙන් ද ඔහු පැවසීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now