පෙට්‍රල් නැව ප්‍රමාද වෙනවා..බලශක්ති ඇමතිගෙන් දැනුම්දීමක්..!
Minister of Energy and Power
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය.
එම නෞකාව අද පැමිණෙන බව සැපයුම්කරු ඛනිජ තෙල් සංස්ථාව දැනුවත් කර තිබූ බවත් එය තව දුරටත් ප්‍රමාද වන බවට ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.
එම නෞකාව ශ්‍රී ලංකාවට ළගාවන දිනය පසුව දැනුම් දෙන බව කී අමාත්‍යවරයා නෞකාවේ ප්‍රමාදය සහ අද පැමිණෙන බවට කළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළකරන බව ද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |