ඉදිරි සති 02 තුළ පෙට්‍රල් , ඩීසල් සහ ගෑස් දෙන්නෙ මෙහෙමයිලු..අද රටටම සුබ පණිවුඩයක්...

Ceylon Petroleum Corporation Sri Lanka Litro Gas Liquefied Petroleum Gas Kanchana Wijesekera
By Aruna May 30, 2022 02:45 AM GMT
Report

දින 90කට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (30) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවෙන් දෛනිකව, ඩීසල්, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කෙරෙනු ඇති.

මේ අතර, ඉදිරි සති දෙකක කාලයකට ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.

ඩීසල් රැගත් නෞකාවක් ඊයේ (29) රාත්‍රියේ මෙරටට ළඟා වූ අතර, හෙට (31) සහ ලබන 14 හා 16 යන දිනවලදී තවත් ඩීසල් රැගත් නෞකා දෙකක් මෙරටට ළඟාවීමට නියමිතයි.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද (30) පස්වරුවේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් හෙට දක්වා ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බවයි එම සමාගම මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

ගෑස් අර්බුදයත් සමග විකල්ප ක්‍රම මගින් ආහාර පිසීමේ උඳුන් වෙළඳපලට පැමිණ ඇති අතර, ඒවාද අධික මිල ගණන් යටතේ අලෙවි වන බවට වාර්තා වනවා.

මෙම උඳුන් සඳහා යොදාගැනෙන අඟුරුවල මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර විදුලි කප්පාදුව පෙර සඳහන් කළ පරිදි ජුනි මස 01 වෙනිදා දක්වා සැලසුම් කළ කාල සටහන සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ.

විශේෂයෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now