පෙට්‍රල් තවත් 150කින් සහ ඩීසල් 40කින් අඩු කරයි?..

Sri Lanka Sri Lanka Fuel Crisis Petrol diesel price
By Aruna Oct 04, 2022 12:11 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

එම වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62 ක ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55 ක ද, ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ද, ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබයි.

ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවියෙන් රුපියල් 30.62 ක පාඩුවක් ලැබීමට සිදුව ඇති බව ද එම වාර්තා වේ සඳහන් ව තිබේ.

මේ අනුව ලාබ ලබමින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් තවත් 150ක් සහ සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 40 කින් මිල අඩු කල හැකි තත්ත්වයක් පවතී.

මෙහි වාසිය පාරිභෝගිකයින්ට ලැබෙන තෙක් ජනතාව බලාසිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now