ඩීසල් මිල අඩු කිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්..
ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩය ඩීසල් සඳහා වැය වන පිරිවැය අනුව සලකා බලා මේ අවස්ථාවේ ඩීසල් මිල පහළ දැමීමට නොහැකි වූ බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා ගෙන් කළ විමසුමකදී පෙන්වා දුන්නේ, ඩීසල් සඳහා වැය කරන පිරිවැයේ තවමත් කිසිදු වෙනසක් වී නැති බවයි.
එවැනි තත්ත්වයක් මත ඩීසල් මිල පහළ දැමීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් පෙරේද [ 01 වැනිදා ] මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළ දැමූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩුවූ බව ඔහු ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 කි.
ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල එලෙසම පවතින බව ද ඇමැතිවරයා නිකුත් කළ ට්විට්ර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |