අතිරික්ත ලාභයක් තිබියදී පෙට්‍රල් 62කින් සහ ඩීසල් 59කින් ඉහළ යයි..?
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන අලෙවි කිරීමෙන් සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් දහතුනක් ඉක්මවූ ලාභයක් ලබමින් තිබෙනවා.
මෙලෙස ලබන අතිරික්ත ලාභය හේතුවෙන් ඉන්ධන මිලෙහි තවත් පහළ හේලීමක් සිදු කළ හැකි වේ.
මේ බව දැක්වෙන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිකුත් කරන ලද දත්ත සටහනකයි.
එම සටහන පහතින් දැක්වේ.
මේ අතර, වැට් බද්ද ඉන්ධන මත පැනවීමත් සමග ජනවාරි මාසයේ පළවෙනිදා සිට පෙට‍්‍රල් හා ඩීසල් මිල ඉහළ යනු ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කර සිටිනවා.
මේ අනුව, නව බදු එකතුවීමත් සමග පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 62කින්, ඩීසල් ඩීටරයක් රුපියල් 59කින් මිල ඉහල යනු ඇති බවයි, එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 400කට වැඩි මිලකටද ඩීසල් ලීටරයක් රුපියල් 400කට ආසන්න මිලකටද නියම වනු ඇති බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.
දැනට පවතින මිල ගණන්වලටද ඉන්ධන සඳහා බදු වර්ග හතරක් එකතු වන බවත්, ඉන්ධන ලීටරයක බදු පමණක් දැනටත් රුපියල් 125 කට අධික මුදලක් එකතුවන බවත් වාර්තා වේ.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
ඉන්ධන ගාස්තු ඉහල යාමක් සමග ජල හා විදුලි ගාස්තු ද ඉහල යනු ඇති බවයි.