පෙට්‍රල් මිල 187කින් සහ ඩීසල් 47 කින් අඩු කරයි?..ඇමතිගෙන් ටිවිටර් පණියුඩයක්..

Sri Lanka Kanchana Wijesekera Petrol diesel price
By Aruna Sep 28, 2022 06:13 AM GMT
Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ද ඔටෝ ඩීසල් අලෙවියෙන් ලීටරයකින් රුපියල් තිස් එකක අලාභයක් සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

තම ට්විටර් ගිණුමේ ඔහු විසින් පල කර ඇති තෙල් සංස්ථා දත්ත සටහනක මේ බව දක්වා තිබේ.

නමුත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 187ක්, ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 77ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 48ක් සංස්ථාව ලාභ ලබන බවද සටහනේ සදහන්ය.

මෙවැනි තත්ත්වයක් තුළ ඉදිරියේදී සුපර් ඩීසල් මිල රුපියල් 48කින් අඩු කරයි ද?

එසේම පෙට්‍රල් මිලද රුපියල් 187 කින් අඩු කරයිද?

කෙසේවෙතත් යළි සැළකිය යුතු ගණනකින් පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කරන තෙක් අහිංසක පාරිභෝගික ජනතාව තවමත් බලාසිටී.

ඛණිජතෙල් ඇමතිවරයා විසින් තම ටිවිටර් ගිණුමේ පල කර ඇති දත්ත සටහන පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now

Gallery