පෙට්‍රල් 2500 වෙයි..ටෝකන් නිසා වෙච්ච දේ මෙන්න..
Ceylon Petroleum Corporation
Sri Lanka
By Aruna
ත්‍රිරෝද රථ රියැදුරන්ගේ අලුත්ම ව්‍යාපාරය ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පෙට්‍රල් බෝතලයක් රුපියල් 2500කට අලෙවි කෙරෙන බව අනාවරණය වේ.
පෙට්‍රල් හිඟය හේතුවෙන් ත්‍රිරෝද රථ රියැදුරන් මෙලෙස ඉන්ධන අලෙවි කර විශාල ආදායමක් උපයා ගන්නා බවද දැනගන්නට ඇත.
පසුගිය සතියේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පෙට්‍රල් බෝතලයක් අලෙවි කෙරුණේ රුපියල් 800කට වන අතර,පෙට්‍රල් මිල ඉහළ යෑමත් සමඟ එය රුපියල් 1200 ක් දක්වා වැඩිකර ඇත.
හොර රහසේ පෙට්‍රල් අලෙවි කරන ස්ථාන පොලිසිය වටලනු ලැබූවත්,ඔවුන් යළි යළිත් එම ජාවාරමේම නිරත වන බව පැවසේ.
එමෙන්ම,ඉන්ධන හල්වල ටෝකන් පත් නිකුත් කිරීමේදී ඉන් වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ මෙලෙස වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පුද්ගලයන්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |