පෙට්ට්‍රල් සම්බන්ධයෙන් අලුත්ම ආරංචියක්..ඉදිරියේදී වෙන දේ මෙන්න.
කොළඹ වරායට පැමිණ දින තිස්පහක් තිස්සේ ගොඩබාගත නොහැකිව තිබෙන පෙට්‍රල් තොග සහිත නෞකාව නිදහස් කර ගැනීමට නොහැකිවුවහොත් යළිත් රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වන බව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.
මේ වනවිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් අවසන් අදිරයට පැමිණ තිබෙන බවත් රටේ සමස්ත ඉන්ධනහල්වලින් සියයට හතළිහක පමණ ප්‍රමාණයකට සීමාසහිත ලෙස පෙට්‍රල් නිකුත් කරන බවත් හෙතෙම සඳහන් කළා.
අවසන් වරට ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නෞකාවක් අප්‍රේල් 19 නිදහස් කර ගත් බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 9000 ක් පෙබරවාරි 21 ගොඩබෑ පසු පෙට්‍රල් යළි නොලැබුණු බව ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් ඩීසල්වල හිඟයක් මතු නොවන බවත් කොළඹ වරායට පැමිණ තිබූ ඩීසල් මෙටි්‍රක් ටොන් 35,000 ක් ගබඩා වෙත ලැබුණ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |