රට පුරා පෙට්‍රල් හිඟයක් ද?..ඇත්ත කතාව මෙන්න.
මෙරට පෙට්‍රල් නොමැති බවට පළවෙන ප්‍රචාර අසත්‍ය බවත් දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් එක්දහස් දෙසිය විසි දෙකටම අවශ්‍ය පෙට්‍රල් ලබාදී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.
මෙම මාසයේ ගෙවී ගිය දින එකොළහට පමණක් එක් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් හාරදහස් දෙසීයක් බැගින් නිකුත් කළ බව ඔහු පවසා සිටියා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අනවශ්‍ය ආකාරයට පෝලීම් නිර්මාණය කරගැනීමට යාම නිසා පෙට්‍රල් නොමැති බවට රාවයන් පැතිරෙන නමුත් අවශ්‍ය ප්‍රමාණයට පෙට්‍රල් සංචිත තිබෙන බවයි.
ඒ පිළිබඳ තමන් වගකීමෙන් පවසන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා. ඊයේ (11 වැනිදා) මේ සම්බන්ධයෙන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වා සිටි හෙතම වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.
‘‘අප්‍රේල් මාසය සඳහා ආනයනය කළ සියලුම ඉන්ධන තොග මේ වන විට ලැබෙමින් පවතිනවා.
මේ මාසයට විතරක් අපි ඩීසල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැටපන්දහසක් ආනයනය කරන්න කටයුතු කරලා තියනවා ඒ වගේම පෙට්‍රල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ හතළිස්දහසක් ගෙන්වන්න කටයුතු කරලා තියනවා.
දැනට අපිට ආනයනය කරලා තියන ඉන්ධන තොග දෙකයි ගෙවලා ලබාගන්න තියෙන්නේ.
කොලොන්නාව සහ මුතුරාජවෙල යන ගබඩාවලට තමයි මේ ගොඩබෑම වෙන්නේ.’’
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |