මත්පැන් සමාගම් ගැන විශේෂ තීරණයක්
Government Of Sri Lanka
Excise Department of Sri Lanka
Income Tax Department
Value Added Tax (VAT)
By Sewvandhi
සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ව ඇතුළු පිරිසක් විසින්, සුරා බදු ගෙවීම පැහැර හල මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා නිකුත් කළ බලපත්‍ර අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මේ වනවිට පැහැර හැර ඇති සුරා බදු මුදල් එම සමාගම්වලින් අයකර ගැනීමේ නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය, ඇතුළු පිරිසක් එහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
Sponsored By Sarrita Jewellery