22 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
22nd Amendment
Latest Headlines
Sinhala news
Colombo politics heat up
By R.rishma
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට පළමු පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ භාණ්ඩාගාරික ටී.එම්.එස්. පසිඳු සිල්වා මහතා සහ එම සංගමයේ සහකාර ලේකම්වරයා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කිරීමට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.